Pages

Thursday, January 20, 2011

Customizing Theme of Worpress Blog

Customizing Theme of Self Hosted Wordpress Blog

  • ඔබගේ theme එක ඔබට දැන් ඔබටම, ඔබගේ අන්තර්ගතයට ගැලපෙන ආකාරයට සකස් කර ගත හැක. සාමාන්‍යයෙන් පවතින theme එකේ වර්ණවලට හා සමහර පින්තුර වලට ඔබ අකමැති වන්න පුලුවනි.
  • theme එකේ පසු බිම වෙනස් කිරිම සදහා appearance මෙනු එකක් යටතේ ඇති background බොත්තම ඔබන්න. පසුබිම සදහා image එකක් හෝ වර්ණයක් භාවිතා කිරිමට හැකියාව ඇත. ඔබගේ වෙබ් පිටුව පසුබිමෙන් පැහැදිලිව පෙනෙන ආකාරයට/පාඨකයන්ගේ ද්‍රෘෂ්ඨිය ඔබගේ බ්ලොග් එකම යොමුවන ආකාරයට මෙය යොදන්න.

  • ඔබ Photo shop, Illustrator පිළිබදව දැනුමක් ඇති නම්, ඔබටම අලංකාර image එකක් නිර්මාණය කර ඇතුලත් කල හැකිය. එසේ නොමැති නම් සරලවම පසුබිම සදහා වර්ණයක් තෝරා ගන්න. ඔබ කැමති color code එකක් යොදා අවසානයේ save changes බොත්තම ඔබන්න.
  • දැන් ඔබගේ බ්ලොග් එකට ගොස් එය refresh කරන්න. මෙවිට ඔබ කල වෙනස්කම් දැක ගත හැකිය.
  • පහත video එක මගින් ඔබට මෙය තහවුරැ කර ගත හැක.