Blog topic එකක් තේරීම ඉතා වැදගත් කාරණයක් වේ. ඔබ මේ සදහා පහත කරැණු ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න .
- ඔබ තෝරා ගන්නා ලද මාතෘකාව සදහා ඔබගේ යම් නිපුණත්වයක්, විශේෂ දැනුමක්, පලපුරැද්දක් හා මාතෘකාව ගැන මනා විශ්වාසයක් තිබීම යන කරැණු වැදගත් වේ.
- ඔබගේ මාතෘකාවට අදාල අන්තර්ගතය සදහා විශාල දත්ත ප්‍රමාණයක් එකතු කර තිබීම හෝ එකතු කිරිමට හැකියාව තිබීම .
- ඔබගේ මාතෘකාව වර්තමාන සමාජයේ වැඩි වශයෙන් කතා බහට ලක්වන මාතෘකාවක් වීම හා අනාගතයේ එම මාතෘකාවට ලැබිය හැකි ප්‍රතිඩාරය පිළිබද පැහැදිලි විශ්වාසයකින් කටයුතු කල හැකි වීම. මෙය blog කරණයේදි ඉතා වාසිදායක වීම.
- ඔබගේ මාතෘකාව ඔබගේ ව්‍යාපාරය හෝ ඔබගේ නිෂ්පාදනයන් ගැන නම් ඔබට ඔබගේ ව්‍යාපාරය හෝ නිෂ්පාදන අලෙවිකණයට වඩාත් පහසුවෙන් පාරිභෝගිකයන්ව ආකර්ෂණය වන හා seo friendly එකක් තෝරා ගන්න.
- ඔබගේ මාතෘකාව ඔබගේ විනෝදාංශය ගැන නම් නිර්මාණාත්මක හා අදහස් විශාල වශයෙන් එකකු කල හැකි එකක් තෝරා ගන්න .
- ඔබගේ මාතෘකාව ඔබගේ එදිනෙදා කරන කටයුතු ගැන නම්, එයද පාඨකයන් ආකර්ෂණය වන එකක් වීම වැදගත්ය.