Pages

Saturday, January 8, 2011

What Tasks Plugins Do

Plugin එකකින් කෙරෙන කාර්ය්‍යය

Plugin එකක් යනු ඔබට වැටහෙනවා ඇති එම නමින්ම එමගින් අමතර හෝ අතිරේක කාර්ය්‍යය කර ගැනිමට අවශය්‍යය පහසුව ලබා දීමක් කරයි. plugin එකකින්  woredpress  මෘදුකාංගයට supporting හෝ extension එකක් ආකාරයට අවශ්‍ය php, html, java, ajax හෝ වෙනත් කුමන භාෂාවක් තුලින් එම කෘත්‍යය වාඩාත් නිවැරදිව කර ගැනිමට හැකිවේ.



උදාහරණයක් ලෙස අපට අවශ්‍ය යැයි සිතමු slide show එකක් ඔබගේ blog එකේ content එක තුල අන්තර්ගත කිරිමට වු විට, ඹබට wordpress තුල එය ක්‍රියාත්මක කිරිමට  අවශ්‍ය අමතර  function එයට එකතු කල යුතු වේ. මෙය ඉතාමත් පහසු කටයුත්තක් නොවනු ඇත, ඔබ කිසිම බාහිර දැනුමක් ලබා නොතිබන්නේ නම්, ඔබට යම්කිසි යම් කිසි  දුරකට දැනුමක් භාෂා පිළිබදව ලබා ඇත්තෙක් වුවද ඹබට විශාල කාලයත් වැය කිරිමට සිදුවේ,මෙම සියලූම දේවල් නිරවද්‍ය ලෙස කර ගැනීමට.

ඉතින් plugin  එකක ඇති වාසිය නම්, මෙම සියලුම functions ඔබට එක click එකක් තුලින් wordpress data base එකට ස්ථාපනය කර අවශ්‍ය අමතර කාර්ය්‍යයන්  කිරීම පහසු කර ගැනිමයි. ඔබට එම slide show පහසුවෙන් කල හැකි plugin එක install කල පසු  ඔබට කිරිමට ඇත්තේ photo upload කිරිම හා ඉතා සරල code එකක්  අවශ්‍ය ස්ථානයට copy කිරිම පමණකි. මේ ආකාරයට දියුණු කල plugin විශාල ප්‍රමාණයක් wordprss.org/extend/plugins මත පිවිසිමෙන් ලබා ගත හැක.

අප ඔබට මෙහිදි බලාපොරොත්තු වන්නේ සරල දැනුමක් එකතු කිරිම පමණකි. මේ සම්බන්ධව අප වැඩි දුර විස්තර අදාල තැන් වලදී දිර්ඝ වශයෙන් සාකච්ජා කරමු. ඔබට plugin එකකින් කෙරෙන කාර්ය්‍ය පිළිබදව යම් අවබෝධයක් ඇතැයි සිතමු .