Pages

Monday, January 10, 2011

Important Factors to Select Blog Content

Blog content එක ගැන සැලකිලිමත් විය යුතු කරැණු

  • ඔබ මාතෘකාවක් තෝරා ගැනිමෙන් පසුව ඔබගේ blog එකේ අන්තර්ගතය එහි මාතෘකාවට අදාලවන පරිදි තෝරා බේරා එකතු කර ගන්න. ඒ වගේම ඔබගේ අන්තර්ගතය හෝ කරැණු පාඨකයාට වැදගත්වන /උදව්වක් වන ආකාරයට එක් කිරිමෙන් ඔබට මෙන්ම පාඨකයාටද යහපතක් වේ .
  • ඉතා වැදගත්ම කාරණය නම් ඔබගේ අන්තර්ගතය තත්වයෙන් ඉතාම ඉහල නම් .එය අනෙක් පුද්ගලයන් නිතර කතාබහට ලක්වේ නම් (more comments) එය search engine ඉතාම ප්‍රියකරයි .මෙය ඔබගේ පාඨක පරිමාණය ඉබේම ඉහල යාමට හේතුවක් වෙයි.


    • ඔබගේ අන්තර්ගතය පාඨකයන් උද්යෝගිමත්ව කියවයිනම් එය, ඔබගේ blog එකට නැවත නැවත පාඨකයන්ගේ පැමිණීමට පිටුවහලක් වේ. මෙමගින් ඔබගේ දිනපතා කියවන/නරඹන පාඨකයන් පිරිසක් එකතු කර ගැනීම මගින් ඔබගේ blog අඩවියේ ආයුකාලය වැඩි වේ. ඒ  වගේම ඔබට ලැබෙන ආදායමද නිශ්චිත අගය පරාසයක පවත්වා ගැනීමට වැදගත් වේ.
    • අවසාන වශයෙන් ඔබටත් පාඨකයන්ටත් වැදගත් හා උදව්වන, ඉතා විශාල පිරිසක් දිනපතා ඔබගේ වෙබ් අඩවියට පැමිණීමත් ඔබගේ ආදායමට මතා රැකුලක් වන අතර, ඔබ විනෝදාංශයක් විදිහට blog කරණයේ යෙදෙන්නේ නම් එමගින් ලැ‍බෙන මානසික තෘප්තිය නැතහොත් සතුට ගැන කියා නිම කිරිමට නොහැකිය.