Pages

Thursday, January 13, 2011

Wordpress Installation

Wordpress මෘදුකාංගය ස්ථාපනය කරන ආකාරය පියවරෙන් පියවර

මෙම ස්ථාපනය ඔබට automatic හා manual යන දෙආකාරයටම  සිද්ධ  කල හැකිය. මෙම දෙආකාරයටම ස්ථාපනය කරන ආකාරය ඔබට වැදගත් වීමට පුලුවනි. එම නිසා අප මේ දෙආකාරය ගැනම පියවරෙන් පියවර පහත ඉදිරිපත් කර ඇත.

Automatic Wordpress Installation
  • ප්‍රථමයෙන් ඔබගේ hosting account එකේ control panel එකට පිවිසෙන්න. ඒ සදහා ඔබට පහත link  එක තුලින් පිවිසෙන්න.  eg  http://yourblog.com/cpanel/
  • ඉන් පසුව Software/Services යන කොටසට පිවිසෙන්න. මෙය තුල wordpress link එක ඇතිනම් එය තුලින් පිවිසෙන්න. එහෙම නැතිනම් Fantastico De Luxe Icon එක තුලින් පිවිසෙන්න.

  • දැන් blog යන කොටසේ ඇති wordpress යන link එක එක් වරක් ඔබන්න.
  • දැන් new installation එක් වරක් ඔබන්න. මෙහි  වරහන් තුල දක්වා ඇත්තේ wordpress version එක වේ. මෙම වර්තමාන අලුත්ම version එක වේ.
  • ඔබට දැන් පහත තොරතුරැ අදාල තැන් වල පිරවිය යුතුය. 
  • Install On Domain - ප්‍රථමයෙන්ම ඔබගේ domain නාමය නිවැරදිදැයි විමසා බලන්න. මෙය ඔබගේ පළමුවන ප්‍රධාන වෙබ් අඩවිය නම් එය ඉබේම තේරී පත් වී ඇත.
  • Install In Directory - මෙම කොටුවේ කිසිවක් අන්තර්ගත කිරිමට අවශ්‍යතාවයක් නොමැත. 
  • Admin Access Data කාලාපය තුල ඇති user name එකට ඔබට කැමනි නමක් යෙදිය හැක. ඉන් පසු ගැලපෙන මුර පදයක්ද යොදන්න.
  • Basic Configuration - මෙම කලාපය තුල ඇති කොටුද අවශ්‍ය ආකාරයට පුරවන්න. 
  • මෙහි admin nickname එකට අදාල නමක්ද යොදන්න.
  • ඔබගේ  e- mail ලිපිනය ඇතුලත් කරන්න.
  • ඔබගේ බ්ලොග් අඩවටෙ තෝරාගත් නම ඊළග කොටුව තුල පුරවන්න.
  • ඔබගේ බ්ලෝග් අඩවියට අදාල විස්තරය කෙටියෙන් ඊළග කොටුව තුල ඇතුලත් කරන්න.
  • බ්ලෝග් අඩවියට අදාල ඉහත‍ තොරතුරැ සම්පුර්ණ කිරිමෙන් පසුව install wordpress බොත්තම ඔබන්න. ඉන් පසු ඊළග තිරයේ දිස්වන wordpress ස්ථාපනය තහවුරැ කරන්න.
පහත video එක මගින් මෙය පැහැදිලි ඇත

See Manual Installation of Wordpress