Pages

Thursday, January 20, 2011

Customizing Theme of Worpress Blog

Customizing Theme of Self Hosted Wordpress Blog

  • ඔබගේ theme එක ඔබට දැන් ඔබටම, ඔබගේ අන්තර්ගතයට ගැලපෙන ආකාරයට සකස් කර ගත හැක. සාමාන්‍යයෙන් පවතින theme එකේ වර්ණවලට හා සමහර පින්තුර වලට ඔබ අකමැති වන්න පුලුවනි.
  • theme එකේ පසු බිම වෙනස් කිරිම සදහා appearance මෙනු එකක් යටතේ ඇති background බොත්තම ඔබන්න. පසුබිම සදහා image එකක් හෝ වර්ණයක් භාවිතා කිරිමට හැකියාව ඇත. ඔබගේ වෙබ් පිටුව පසුබිමෙන් පැහැදිලිව පෙනෙන ආකාරයට/පාඨකයන්ගේ ද්‍රෘෂ්ඨිය ඔබගේ බ්ලොග් එකම යොමුවන ආකාරයට මෙය යොදන්න.

Wednesday, January 19, 2011

How to Set-up Writing Settings in Wordpress Blog

  • මෙමගින් ඔබගේ පිටු ලියන ආකාරය වෙනස් කිරිමට, පාලනය කිරිමට හැකියාව ලැබේ. ඔබ Wordpress තුල ලිවීම හෝ e-mail එකක් මගින් ලිවීමට හෝ word ලියකියවිල්ලක් ලෙස ලිවීමෙන් පසු එය copy කිරිමටද හැකියාව ලැබේ.
  • ඔබට පළමුවෙන්ම new post පිටුවේ ලියන ඉඩ ප්‍රමාණය වෙනස් කල හැකිය. මෙය සාමාන්‍යය අගය line 10 කි මෙය තරමක් විශාලවට සාදාගැනීම ඔබට පහසුවක් වේ.
  • Formatting වල ඇති ‍තේරීම් දෙකම තෝරන්න. මෙහි සමහර වැරදි XHTML ඉබේම නිවැරදි කිරිමේ හැකියාව ඇත. මෙය තේරිම වැදගත් වේ.

Tuesday, January 18, 2011

Customizing Header of Wordpress Blog

  • Appearance මෙනු ‍එකේ header මත click කරන්න.
  • ඔබට දැන් දැක ගත හැකි පවතින header images එක හා ‍තේරිමට ඇති වෙනත් images ඇතුලත Twenty-Ten theme.
  • Theme image වල එකකට හෝ කැමත් නම් එම radio button එක click කර save changes යන බොත්තම ඔබන්න.
  • ඔබ මෙම පින්තුරවලින් එකකට හෝ කැමති නොවේ නම් ඔබගේම header image එකක් වුවද upload කල හැකිය. මෙහිදි ඔබ සැලකිලිමත් විය යුතු කාරණය නම් දිග සහ පළල වේ.‍ මෙම පවතින image එකේ දිග සහ පළල 940*198 pixels වේ. ඔබගේ image එකද මෙම dimensions වලට හරියටම සාදා ගන්න. ඉන් පසු මෙය upload image කොටසේ ඇති browse බොත්තම ඔබන්න. ඉන් පසුඔබගේ පරිගණකයේ පින්තුරය ඇති file එක තෝරා upload බොත්තම ඔබන්න. අවසානයේ save changes බොත්තම ඔබන්න.

Sunday, January 16, 2011

How to Install New Theme to Wordpress Blog

 නව Theme එකක් ස්ථාපනය කිරීම

  • Self Hosted Wordpress බ්ලොග් සදහා නිර්මාණය theme විශාල ප්‍රමාණයක් ඔබට නොමිලේ ලබා ගත හැක. මෙයින් ඔබට/ඔබගේ මාතෘකාවට ගැලපෙන ඉතාම සුදුසු theme එකක් තෝරා ගන්න.
  • මේ සදහා ඔබ පළමුවෙන් ඔබගේ පාලක පුවරැවේ ඇති appearance බොත්තම ‍‍කෙළවර ඇති කුඩා ත්‍රිකෝණය මත click කරන්න. ඔබට දැන් දැක ගත හැකි  එහි themes යන බොත්තම දැන් එය ඔබන්න.
  • ඔබට දැන් දැක ගත හැකියි සාමාන්‍යයෙන් wordpress ස්ථාපනයේදී ලැබෙන twenty - ten නැමැති theme එක ස්ථාපනය වී ආකාරය manage themes යන tab එක මගින් දැක ගත හැකිය.

Saturday, January 15, 2011

How to Edit Settings in Wordpress Blog

General Settings වෙනස් කරන ආකාරය


  • Blog Title : ඔබගේ බ්ලොග් එකට අදාල මාතෘකාව ඇතුලත් කරන්න. ඔබ wordpress ස්ථාපනයේදී මාතෘකාවක් ඇතුලත් කලේ නම් එය මෙතනදී වෙනස්  කිරිමට ද හැකියාව ඇත.
  •  Tag line  : මෙය ඔබගේ බ්ලොග් අඩවියට අදාල කෙටි විස්තරයක් ඇතුලත් කරන්න. ඔබ මෙම විස්තරය ඇතුලත් කරන විට keyword වලින් සංතෘප්ත විස්තරයක් යොදන්න. මෙයට හැකිතාක් keyword ඇතුලත්කර විස්තරය ගලපා ලියන්න. keyword පමණක් ඇතුලත් කිරීමෙන් වලකින්න. 
  • ඔබගේ විස්තරය characters 150 ත් 200ත් අතර ප්‍රමාණයකට සීමා කරන්න. මෙය සාමාන්‍යයෙන් search engine ඔබගේ  බ්ලොග් අඩවිය විස්තර කිරිම සදහා යොදා ගන්නේ characters 160 වගේ ප්‍රමාණයක් වීම නිසාය.