Pages

Wednesday, February 16, 2011

How to Set up Permalinks

Permalinks  තුල සකැසුම් කිරිම එක් වරකින් කිරිම වඩා වැදගත් වේ. මෙම පිළිවෙල වරින් වර වෙනස්කල විට එම link structure එකද data base එක තුල පවතී. මෙය වෙබ් crawling වලදි අවාසි සහගත වේ. එම නිසා පහත ආකාරයට මෙය පිළියෙල කරන්න.
  • Custom Structure තේරීම කරන්න.
  •  ඉන් පසු එම හිස් තැන තුල පහත ආකාරයට ලියන්න /postname/ මෙමගින් ඔබගේ වෙබ් පිටුවේ මතෘකාවට අදාල link එක සාදයි. මෙම  permalink වර්ගය seo වල වැඩි වාසි අතිකර ගනී. උදාහරණයක් ලෙස ඔබගේ වෙබ් පිටුවේ මාතෘකාව seo යැයි සිතමු. ඔබගේ වෙබ් පිටුව link එක පහත ආකාරයට පෙන්වයි. http://www. yourblog.com/seo
  •  මෙම කොටසේ ඇති category base හා tag base එක තුල කිසිවක් නොලියන්න. ඔබට අවශ්‍ය නම්  category base හා tag base එක ඉවත් කිරිමට පහත plugin ස්ථාපනය කරන්න.

Tuesday, February 15, 2011

How to Set up Privacy Settings

මෙහිදි ඔබට බ්ලොග් එකට තේරිම් දෙකක් ඇත. මෙහි එකක් වන්නේ බ්ලොග් එක  Search Engine එකට නොපෙන්වා තබා ගැනිමට හැකිවේ. මෙමගින් තේරිමට සිදු කල විට Google bots මෙම වෙබ් පිටුව තුලිට පැමිණීම වැලකේ. මෙවැනි ආකාරයේ වෙබ් පිටු පවතී. මේවා ඔබට Search කර සොයා ගත නොහැක. නමුත් ඔබ එම වෙබ් පිටුවේ URLඑක දන්නේ නම් ඔබට එම වෙබ් පිටුවට යෑමට හැකියාව ලැබේ. එම නිසා අපට අවශ්‍ය වන්නේ අපගේ පිටුව Search Engine තුලින් පෙන්වා ගැනීමට වේ. එම නිසා මෙහි පළමු තේරීම තෝරන්න.

Saturday, February 5, 2011

Choose Discussion Settings

බ්ලොග්කරණයේදි කර්තෘ හා පාඨකයන් අතර මනා සම්බන්ධයක් පැවතීම වැදගත්ය. පහත දැක්වෙන මෙම සාකච්ජා කිරිම පිළිබද සකැසුම් මනා ලෙස උපයෝගී කිරිම මගින් පාඨකයන් හා බ්ලෝග් එක අතර මනා සම්බන්ධයන් ඇති වේ. ඔබට මෙහිදි පාඨකයන් ගේ යෝජනා (comments) අනුමත කිරිම, ඒවා ගැලපෙන ආකාරයට පිළියෙල කිරිම හා වංචනික ලෙස සකැසු යෝජනා ඉවත් කිරිම කරන්න.

  • Default Article Settings : මෙම සකැසුම් පවතින සාමාන්‍ය ආකාරයට තබන්න.
  • Other comments settings : මෙම සකැසුම් පවතින ආකාරයටම තැබිම බ්ලොග්කරණය ආරම්භයේදී ප්‍රමාණවත්ය. 

Thursday, January 20, 2011

Customizing Theme of Worpress Blog

Customizing Theme of Self Hosted Wordpress Blog

  • ඔබගේ theme එක ඔබට දැන් ඔබටම, ඔබගේ අන්තර්ගතයට ගැලපෙන ආකාරයට සකස් කර ගත හැක. සාමාන්‍යයෙන් පවතින theme එකේ වර්ණවලට හා සමහර පින්තුර වලට ඔබ අකමැති වන්න පුලුවනි.
  • theme එකේ පසු බිම වෙනස් කිරිම සදහා appearance මෙනු එකක් යටතේ ඇති background බොත්තම ඔබන්න. පසුබිම සදහා image එකක් හෝ වර්ණයක් භාවිතා කිරිමට හැකියාව ඇත. ඔබගේ වෙබ් පිටුව පසුබිමෙන් පැහැදිලිව පෙනෙන ආකාරයට/පාඨකයන්ගේ ද්‍රෘෂ්ඨිය ඔබගේ බ්ලොග් එකම යොමුවන ආකාරයට මෙය යොදන්න.

Wednesday, January 19, 2011

How to Set-up Writing Settings in Wordpress Blog

  • මෙමගින් ඔබගේ පිටු ලියන ආකාරය වෙනස් කිරිමට, පාලනය කිරිමට හැකියාව ලැබේ. ඔබ Wordpress තුල ලිවීම හෝ e-mail එකක් මගින් ලිවීමට හෝ word ලියකියවිල්ලක් ලෙස ලිවීමෙන් පසු එය copy කිරිමටද හැකියාව ලැබේ.
  • ඔබට පළමුවෙන්ම new post පිටුවේ ලියන ඉඩ ප්‍රමාණය වෙනස් කල හැකිය. මෙය සාමාන්‍යය අගය line 10 කි මෙය තරමක් විශාලවට සාදාගැනීම ඔබට පහසුවක් වේ.
  • Formatting වල ඇති ‍තේරීම් දෙකම තෝරන්න. මෙහි සමහර වැරදි XHTML ඉබේම නිවැරදි කිරිමේ හැකියාව ඇත. මෙය තේරිම වැදගත් වේ.